Monday, July 28, 2014

තාරකාවී

ඈත අහසේ තනිව දිදුලනා
තාරකාවී.....
මෑත මාගේ ලොවට වඩින්නට
වරම් නැතිද දේවී....
ඈත මෑත දුර අප ලංනොවුනද
මා හට ඔබ සිහිවී....
හෙලුව කඳුලු කැට කොපමණදැයි
නුබ නොදන්නවා දේවී....


තනිව අහසේ නුබ දකින කල
වන්නට සිතයි පුන් සඳක් ඔබ හට
නමුදු නැත මා හට පෙර පිනක්
ඔබගේ ලොවේ පුර සඳක් වන්නට


ගතින් ලංවී සිතින් වෙන්වී
කුමටදැයි සිත අසන කල්හී
ඔබේ ලෝකෙන් සමු ගනිමි මම
සදා ඔබ මා තාරකාවී....

Friday, July 25, 2014

කඳුල

ආයාසයෙන් සිනාසී
ලොව ඉදිරියේ....
සැඟවීමට තැත් කලෙමි
ඔබ......

දෑසින් කඩා හැලෙන්නට
වරම් නැත්දැයි
කෑගසා අසන විට
නෑසුනා එයද මට
ඔබ......

කඩා හැලී දෑසින්
දොරේ ගලා මහ ගංගාවක් මෙන්
පිටාර යවන්නට හිත් වේදනාව
ඇවසිය මට
ඔබ....

Wednesday, July 23, 2014

සඳ

සඳ....

ලංවුනා ඔබ
මා හද තාරකාවට
එලිය කලා
මා ලෝකයම

ලංවුනා අඳුරු වලාවක්
වෙස්ගෙන මුව පොව්වකුගේ
සඳ අහිමි කලා
ආලෝකය නිවී ගියා

එනමුදු සඳ....
වටහා ගත් කල
අඳුරු වලාවේ
අමිහිරියාවේ කටුක බව

සඳ.....
පැමිණියා දල්වා ලන්නට
තාරකාවේ ලෝකය
පහන් කරන්නට
ජීවත් කරන්නට ජීවිතය

සඳ.......