ඈත අහසේ තනිව දිදුලනා
තාරකාවී.....
මෑත මාගේ ලොවට වඩින්නට
වරම් නැතිද දේවී....
ඈත මෑත දුර අප ලංනොවුනද
මා හට ඔබ සිහිවී....
හෙලුව කඳුලු කැට කොපමණදැයි
නුබ නොදන්නවා දේවී....
තනිව අහසේ නුබ දකින කල
වන්නට සිතයි පුන් සඳක් ඔබ හට
නමුදු නැත මා හට පෙර පිනක්
ඔබගේ ලොවේ පුර සඳක් වන්නට
ගතින් ලංවී සිතින් වෙන්වී
කුමටදැයි සිත අසන කල්හී
ඔබේ ලෝකෙන් සමු ගනිමි මම
සදා ඔබ මා තාරකාවී....
වන්නට සිතයි පුන් සඳක් ඔබ හට
නමුදු නැත මා හට පෙර පිනක්
ඔබගේ ලොවේ පුර සඳක් වන්නට
ගතින් ලංවී සිතින් වෙන්වී
කුමටදැයි සිත අසන කල්හී
ඔබේ ලෝකෙන් සමු ගනිමි මම
සදා ඔබ මා තාරකාවී....
No comments:
Post a Comment